Wednesday, January 8, 2025

General line - 0115112241

අලුත් අවුරුද්දේදී වනිදු හසරංග යළි ක්‍රිකට් පිටියට.




ආබාධයක් හේතුවෙන් ලෝක කුසලනා එක්දින ක්‍රිකට් තරඟාවලිය අහිමිවූ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ලබන වසරේදී යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට වාර්තා පළවනවා.

ඒ, සිම්බාබ්වේ තරඟ සංචාරයේදීයි.

ඉකුත් LPL තරඟාවලියේදී ආබාධයකට ලක්වූ වනිදු හසරංගට මේ දක්වා ක්‍රිකට් පිටියට පිවිසීමට හැකි වූයේ නැහැ.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතයට වනිදු හසරංගගේ නම ද ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි සඳහන්.

සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරඟාවලිය 2024 ජනවාරි 06 වනදා ආරම්භ වෙනවා.

එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් විසි එක් දෙනෙක්ගෙන් යුත් මූලීක සංචිතයක් නම්කර ඇති බවටයි වාර්තා වන්නේ.

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු සංචිතය ද මෙය වෙනවා.

මෙම සංචිතය සඳහා නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික ගුණසේකර ද ඇතුලත් බවටයි වාර්තා වන්නේ. 

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි 6 වනදා ආරම්භ වන අතර 20-20 තරගාවලිය ජනවාරි 14 වනදා ආරම්භ වෙනවා.