Wednesday, January 8, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු තරගයට වර්ෂාව හරස් වෙයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය හෙට කොළඹදි පැවැත්වෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ රාත්‍රියේ අතහැර දැමුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 273ක් රැස් කලා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල චරිත් අසලංක ලකුණු 101ක් රැස් කලා. කුසල් මෙන්ඩිස් ලකුණු 46යි.

සධීර සමරවික්‍රම ලකුණු 41ක් රැස් කලා. වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකිවුණේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහිදී ජනිත් ලියනගේ එක්දින ක්‍රිකට් වරම් දිනාගත් අතර ඔහු ලකුණු 24ක් රැස් කලා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ ඉනිමේ සිව්වන පන්දුවාරයේදී වර්ෂාව ඇද හැලුණා.

ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 12ක් රැස් කරගෙන සිටියා. බිද වැටුණු කඩුලු දෙකම දවා ගත්තේ දිල්ෂාන් මදුෂංකයි.