විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරී සංගමයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 02 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි උපකරණ පොලිස් රෝහල වෙත පරිත්‍යාග කිරීමේ උත්සවයක් නාරාහේන්පිට පොලිස් රෝහලේ ශ්‍රවණාගාරයේදී අද පැවතුනා
එම අවස්ථාවෙදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරී සංගමයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නොයෙල් ෆ්‍රැන්සිස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත සංකේතාත්මක මෙම භාණ්ඩ භාර දීම සිදු කර තිබෙනවා.
මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රි දමින්ද සුභසාධන දිසාව නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්.ජේ. පද්මිණි, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.සී. බමුණුආරච්චි ඇතුළු පොලිස් රෝහලේ වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී තිබුනා.