Monday, November 4, 2024

General line - 0115112241

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹේ

ප්‍රදීප් අනුර කුමාර




කොළඹ දිස්ත්‍රික්කය තුළ හදුනාගත් තෙත් බිම් සංවර්ධනය කිරීම වැඩසටහන යටතේ ගොතටුව තෙත් බිමද සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අවධානය යොමුවී තිබෙනවා.

පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යෑම, කාර්යබහුල නගරයක් තුළ මහජනතාවගේ මානසික සුවතාවය පවත්වාගෙන යාම, ගංවතුර අවස්ථාවන් වලදී ජලය රදවා තබාගැනීම ආදී වටිනාකම් හදුනාගනිමින් තෙත් බිම් අනවසරයෙන් අල්ලා ගැනීම වළක්වාලමින්  මෙම ගොතටුව තෙත් බිම් උද්‍යානය ඉදි කරනු ලබනවා.

මේ වන විට දියසරු, බැද්දගාන, කෝට්ටේ කොටු බැම්ම යන නාගරික තෙත් බිම් සංවර්ධනය කර මහජනයා වෙත විවෘතව පවතී.

ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 180 ක් වන අතර  මෙම වසර අවසානය වන විට උද්‍යානයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා 

හෙක්ටයාර 35 ක් පුරා විහිදුණු මෙම තෙත් බිම වටා ඇති කිලෝමීටර් 4 ක දිග ප්‍රමාණයෙන් කිලෝමීටර් 3.5 ක දිග ප්‍රමාණයක් ඔස්සේ මේ වන විට ඇවිදින මංතීරුව ඉදිකොට ඇත. ගොතටුව නව තෙත් බිම් උද්‍යානය මඟින් සමනල උයන් හා කුරුළු උයන්, පාපැදි මංතීරු, අවන්හල්, වනජීවි මධ්‍යස්ථානයක්, උයන් මැදින් ඇවිද යාමේ පාලම් මෙන් ම කදවුරු බැදීමේ අත්දැකීම් ද දෙස් විදෙස් සංචාරකයන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු පුද්ගලික අංශයේ ද සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.