සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් ලබන 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ලබාදුන් නියෝගයක් මතයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු දැඩි ආරක්ෂක රැකවල් මැද මන්නා රමේෂ් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.
අබුඩාබිහිදී එරට ආරක්ෂක අංශ මඟින් මන්නා රමේෂ් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඉන් පසුව දින 90 ක් රඳවා ගැනීමේ නියෝග මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.
අවිස්සවේල්ල හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ලබා ගැනීම් මෙන්ම අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට මරණ තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මන්නා රමේෂ්ට එල්ල වී තිබෙනවා.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශ ඊට අදාළ වාර්තා අධිකරණය හමුවේ අද ඉදිරිපත් කළා.