Friday, December 27, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරඟය අද රාත්‍රියේ




අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිල තරඟ වදින්නේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදී එම තරඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට පමණ තරඟය අුාරම්භ වීමට නියමිතයි. 

මේ අතර මෙම තරඟාවලියේ පළමු පුහුණු තරඟයෙන් නේපාල කණ්ඩායම පරදවා ලකුණු 63ක ජයක් අත් කර ගැනීමට කැනඩා කණ්ඩායම සමත් වුණා.

එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 123ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි. 

මෙම තරඟාවලියේ දෙවන පුහුණු තරඟය පැපුවා නිව්ගිනියාව සහ ඕමානය අතර පැවැත්වුණා. එම තරඟය ඕමාන කණ්ඩායම ජය ගත්තේ කඩුලු 03කින්.

පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී කඩුලු 07කට ලකුණු 141ක් රැස් කර ගනිමින් එම තරඟයේ ජය වාර්තා කළා.

 මේ අතර උගන්ඩාව සහ නැමීබියාව අතර පුහුණු තරඟයක් මේ වන විට පැවැත්වෙනවා.