Thursday, December 26, 2024

General line - 0115112241

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් AI වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි 




ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.

එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි.