Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක් 




ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත - හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක්  ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබෙනවා.

රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙම හමුවේදී අවධාරණය කළ අතර තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා  දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්යෝගය  අගය කළේය.