Thursday, December 26, 2024

General line - 0115112241

ශෙහාන් සේමසිංහ  එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක 

තිසරසමල් - අනුරාධපුර    




ඉදිරි මාස 12 -මාස 24 ක කාළසීමාව ඉතාම තීරණාත්මකයි.දේශපාලන තීන්දු ගන්න පුලුවන් පරිසරයක නෙමෙයි රටේ ආර්ථිකය තියෙන්නේ යැයි   මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ  පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්ය.

" විවිධ කණ්ඩායම් විවිධ මත දරන්න පුලුවන්, හැබැයි වැදගත් වෙන්නේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මතය, ජනාධිපතිතුමා කිසිම තැනක කියලා 

නෑ, මැතිවරණයක් නොපැවැත්වීම ගැන හරි, මැතිවරණයක් කල් තැබීම ගැන හරි, එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපතිවරණයත්, ඊට පසුව මහ මැතිවරණයත්, ඊට පසුව ඉතිරි මැතිවරණත් පවත්වන්න කටයුතු කරනවා කියන කාරණය, මේ එක එක්කෙනා, තනි තනි වශයෙන් ඉදිරිපත් කරන කාරණා වලට ගිහිල්ලා රටේ තියෙන මේ ආර්ථිකය ගොඩනැගීම කියන කාරණාව අමතක කරලා විවිධ කණ්ඩායම් අදහස් ප්‍රකාශ කරනවා, හැබැයි මට තව ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි මේක සිදු නොවන දෙයක්,

පැහැදිලිවම ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය කියනවා ඡන්දය පවත්වනවා කියලා, මුදල් වෙන් කිරීමත් මුදල් අමාත්‍යංශයෙන් සිදු කරලා තියෙනවා.හැබැයි ඒකට පිළිතුරක් තියෙනවා. 

මේක ප්‍රශ්නයක් විදිහට දකින ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පැත්තෙන් ගෙන යන ප්‍රචාරය තමයි මේ රටේ අධිකරණ බලය තමන්ගේ සාමාජිකත්වයට ලබා දීම, ඒකේ බරපතලම කාරණය තමයි ඔවුන් මේ රටේ ව්‍යවස්ථාව සන්සන්දනය කරනවා ගමේ මරණාධාර සමිති‌යේ ව්‍යවස්ථාවට, මරණාධාරසමිතියට ව්‍යවස්ථාවක් ගමේ සාමාජිකයන් හදනවා, ක්‍රියාත්මක කිරීමත් සාමාජිකයන් කරනවා, ඊළඟට යුක්තිය පසඳලීමත් සාමාජිකයන් සිදු කරනවා, 

එහෙම නම් ඔය කියන ආකාරයට අධිකරණ බලය විමධ්‍යගත කරන්න හදන්නේ ගමේ තමන්ගේ සාමාජිකයාට ඒ සම්බන්ධයෙන් ඒ පක්ෂයේ මතය මොකක්ද? අපේ රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් හා ගෞරවයක් ජනතාව අතර තියෙනවා.ගෞරවයක් තියෙන, සාධාරණයක් බලාපොරොත්තු වෙන, විශ්වාසයක් තියෙන අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කිරීම සාධාරණ නෑ, ඡන්ද තියන් නෑ කියලා එක කණ්ඩායමක් කියද්දී ජනාධිපතිතුමා රජය කියනවා ඡන්ද තියනවා 

කියලා.එතකොට ඒ ප්‍රශ්නය උත්තරයක් තියෙනවා.හැබැයි අධිකරණ බලය මේ ආකාරයට තමන්ගේ පාක්ෂිකයාට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කරනවා නම් ඒ අයට මොකක්ද තියෙන උත්තරය,එහෙම කවුරුත් උත්තරයක් දෙන්නේ නෑ, 

ඒ නිසා මේ මැතිවරණ සමයක් වෙද්දී තමන්ට වාසී ඒවාට කථා කරන්නත්, අවාසි ඒවාට නිහඩව සිටීමටත් යම් කුඩා කණ්ඩායම් කටයුතු කරනවා, හැබැයි මේ රටේ මිලියන 22 ම පසුගිය 2022 වර්ෂයේ අප්‍රේල් මාස‌යේ  අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවකට හා අපහසුතා රාශ්‍රියකට ආවා, 

ඒ වෙලාවේ තමන්ගේ වගකීම ඉටු කළා නම් මේ අයට යම්කිසි දෙයක් ජනතාව ඉදිරියේ කියන්න පුලුවන්, ඒ වගකීම පැහැර හැරලා, ඒ වගකීම ගන්නේ නැතිව, අද යම් ස්ථාවරත්වයක් මේ ආර්ථිකයේ ලබලා, ජනතාවට මේ කරපු ප්‍රථිසංස්කරණ මුලින් අමාරු වුණාට ඒ අමාරු ප්‍රථිසංස්කරණ වල ප්‍රථිඵලය දැන් ක්‍රමාණූකූලව එන්න පටන් ගෙන තියෙද්දී, තමන් නායකත්වය පෙන්නුම් කල යුතු අවස්ථා‌වේ පෙන්නුම් කරන්‌නේ නැතිව, රටේ අභියෝග යම් ජයග්‍රහණයක් කලාට පස්සේ පක්ෂ විපක්ෂ අය විවිධ දේශපාලන මාතෘකා කථා කිරීම සාධාරණ නෑ,මේ තැනට රට එද්දී මේ රටේ ජනතාව කැපකිරීම් කරලා, රජයට සහයෝගය දැක්වූවා, 

ලෝකයේ  සියලුම මිත්‍ර රටවල් අපිට සහයෝගය දැක්වූවා, මූල්‍ය ආයතන සියල්ල අපිට සහයෝගය දැක්වූවා, අවාසනාවකට සමඟි ජන බලවේගයයි, 

ජනතා විමුක්ති පෙරමුණයි පාර්ලිමේන්තුව ඇතුලේ මේ ජනතාව දුකෙන් මුදවා ගැනීමට කිසිදු සහයෝගයක් දුන්නේ නෑ,.මේ සඳහා ගෙන ආ සෑම අණ-පනතකටම , හැම යෝජනාවලියකටම ඔවුන් විරුද්ධ වෙලා ඔවුන්ගේ දේශපාලන මතය විතරක් ප්‍රචලිත කරන්න උත්සහ කළා.ඒ නිසා එයාලට කථා කරන්න අයිතියක් නෑ,"