වටවල, හයිඩ්රිට වතුයායේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එලෙස පොලිස් භාරයට ගෙන ඇති සිසුන් දෙදෙනා හැටන් සහ වටවල හයිඩ්රිට වතුයායේ පාසල්වල 7 වසරේ ඉගෙනුම ලබනවා.
සැකකාර පාසල් සිසුන් දෙදෙනා සොරාගත් එම මුදලින් ජංගම දුරකථනයක්, ක්‍රිකට් පිත්තක් සහ බෝලයක්, පරවියන් අට දෙනෙකු , විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක් මිල දි ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් දොලොස් දහසක මුදලක් ද සොයාගෙන තිබෙනවා.
සැකකාර පාසල් සිසුන් දෙදෙනා හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් දුරකථනයක් මිලදි ගැනිමට ගිය අවස්ථාවේදී එම අලෙවිසැලේ හිමිකරු විසින් රුපියල් විසි දහසක් පමණ වටිනා භාවිතා කරන ලද ජංගම දුරකථනයක් රුපියල් අසු දහසක මුදලකට අලෙවි කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ අලෙවිසැලේ හිමිකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පාසල් සිසුන් දෙදෙනා මිල දි ගත් සියලු භාණ්ඩද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
එම පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වටවල පොලිසිය පැවසුවා.
c