විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔවුන් දැක්වූ දායකත්වය රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට මහත් ශක්තියත් වූ බවයි කුරුණෑගල පැවති “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.
මේ අතර තමන් ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම සමානාත්මතාවය භාජනය වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජන බලවේගය පවසනවා.
එවැනි ආණ්ඩුවක් බිහිකර හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.