Wednesday, November 20, 2024

General line - 0115112241

සීතාවක කෞතුකාගරය අග්‍රාමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරේ

නිහාල්සිරි ගම්ලත්




සීතාවක උරුමයන් මතු පරපුරට දායාද කිරීම සඳහා ඉදිකළ  සීතාවක කෞතුකාගාරය අවිස්සාවේල්ල නගරයේදී ජනතා අයිතියට පත් පත් කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සීතාවක රාජධානියේ රජකම් කළ මායාදුන්න සහ සීතාවක රාජසිංහ යන රජවරුන්ගේ රජ සමයන් පිලිබඳවත් , ප්‍රාග් ඓතිහාසික යුගයේ සීතාවක ආදී ජනාවාස පිලිබඳවත් තොරතුරු ඇතුළත් සීතාවක කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්  නිර්මාණය කරනු ලැබුවා. 

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ දීර්ඝ කාලයක් ක්‍රියාකාරී සංවිධානයක් වන සීතාවක උරුමය පදනම ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන මෙම කාර්යය වෙනුවෙන් විශාල දායකත්වයන් ලබා දී තිබුනා.

විද්‍යාත්මක ශාක්ෂි ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද සීතාවක රාජසිංහ සහ මායාදුන්න යන රජවරුන්ගේ ජායාරූප , එකළ භාවිතා කරන ලද අවි ආයුධ වල අනුරූ ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළු ඓතිහාසික තොරතුරු හා භාණ්ඩ රාශියක් මෙහි අන්තර්ගත වෙනවා