අතුරුගිරියේ සිදු වූ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් 07 දෙනා මේ වනවිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනවිත් තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩු විභාගය සඳහායි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු රඳවා සිටින්නේ මහර බන්ධනාගාරයෙයි.
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ දිනයේ රැගෙනවිත් තිබෙනවා.
සෙසු සැකකරුවන් 06 දෙනාව රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.
ඒ අනුව සැකකරුවන් 07 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙන ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.