තිස්සමහාරාගමය, සාමගුලිය ප්රදේශයේ ජලය පිරී තිබූ ගල් කොරියක ගිලී එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අවුරුදු 33ක් වූ කාන්තාවක්, අවුරුදු 09 සහ 14 යන වයස්වල පසු වූ ඇයගේ දියණියන් දෙදෙනා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔවුන් තිදෙනා ඊයේ පස්වරුවේ එම ස්ථානයට දිය නෑමට ගොස් තිබෙනවා.
ඔවුන් අතුරුදන් බවට ලද තොරතුරක් සමඟ එම තිදෙනා සොයා ඊයේ පස්වරුවේම මෙහෙයුම් ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව ඊයේ රාත්රියේ පළමුව අදාළ කාන්තාවගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.
ඉන් අනතුරුවයි ඇයගේ දරුවන් දෙදෙනාගේ මෘත ශරීර සොයාගෙන ඇත්තේ.
ඔවුන් තිදෙනාගේ මෘත දේහ මේ වනවිටත තිස්සමහාරාම රෝහලේ තැන්පත් කර තිබෙනවා.