ආණ්ඩුවේ වියදම් අවම කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එලෙස කටයුතු කිරීම හේතුවෙන් රට පැවති තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
රට ගොඩනැගීම සඳහා සහය ලබාදෙන ලෙසට විපක්ෂයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම කළ ද ඔවුන් ඉන් වැළකී සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.
කඩවත බස් නැවතුම්පොළ අසළදී පැවති “එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.