ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජලාපවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර තිබෙනවා.
ඒ, පසුගිය මැයි 30 වනදා අමාත්‍ය ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සමග නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියකට අදාළවයි.
අමාත්‍යවරයා පිරිසක සමග කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළිය පීඩා තේ කර්මාන්ත ශාලාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.