Wednesday, November 20, 2024

General line - 0115112241

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක කියයි




දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම රටේ ඉදිරි ගමන ජනතාවට නිර්මාණ කළ හැකි බවයි මහනුවර දවුල්ගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ. 


මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිතතාවයක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජය ද දෙගඩියාවකට පත්කර ඇති බවයි ඔහු කියා සිටියේ. 


ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.