ඉදිරි ජනාධිපතිවරණය සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.
ජාතික ජන බලවේගයේ ඉදිරියේදී දේශපාලන සංස්කෘතියක් බිහිකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසනවා.
පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බිංගිරිය ආසන සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.