පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ කාන්තාවක් කඩවත, ගෝනහේන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
සැකකාරිය සතුව තිබී මත්කරල් 230ක් සහ ජංගම දුරකථනයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්රදේශයේම පදිංචිකාරිණියක්. ඇය වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.