පුරවැසි සන්ධානය රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා.
“ජනාධිපතිවරණය වහා කැඳවුණු” , “සිරිකොත කුමන්ත්‍රණය පරදවමු” දැක්වෙන නාම පුවරු ඔසවාගෙන ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුව එම සංධානයේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසම වෙත ගොස් ලිපියක් ද භාරදෙනු ලැබුවා.
ඉන් අනතුරුව විරෝධතාවයේ නිරත වූ පුරවැසි සන්ධානයේ පිරිස එම ස්ථානයෙන් විසිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.