Wednesday, November 20, 2024

General line - 0115112241

ජාතික පුනරුත්ථාපන අධිකාරිය ISO 9001  සම්මානය හිමිකරගනී




ජාතික පුනරුත්ථාපන අධිකාරිය ISO 9001 ප්‍රමිතිකරන සහතිකය හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා 

පුනරුත්ථාපන අධිකාරියට පිරිනමන ලද ISO 9001 ප්‍රමිතිකරන සහතිකය ගරු අමාත්‍යවරයා වෙත පිරිනැමීම අධිකරණ අමාත්‍යාංශයේදී අද සිදු විය.

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුනා 
 
මෙහිදී අදහස් පල කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය පස්චාත් යුධ සමය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ අතර යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වල නිරතවූ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය දැක්වූ පුද්ගලයන් එයින් මුදාගෙන සමාජයට ගැලපෙන ලෙස පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කල බවයි.

ඒ අනුව එම ක්‍රියාවලිය  2013 පමණ කාලය වන විට අවසන් කල බවත්  විශාල වශයෙන් විෂ මත් ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූ  තරුණ ප්‍රජාව යහමාර්ගයට ගැනීම සඳහා ජාතික පුනරුත්ථාපන අධිකාරියක විසින් සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලබන බවද සදහන් කර සිටියා.

මෙහිදී  වැඩිදුරටත් අදහස් පලකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය දියුණු රටවල තත්වයට ලගාවී ඇති අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක කරන ලද පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසා ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය මඟින් ලබාදෙන ISO 9001 ප්‍රමිතිකරන සහතිකය පවා ලබාගැනීමට ජාතික පුනරුත්ථාපන අධිකාරියට හැකිවුන බවයි 

 වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  පවසා සිටියේ මෙවැන්නක් 

"රටේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා මහජනතාව දේශපාලඥයා කෙරෙහි සැකයෙන් යුතුව බලන්න පුරුදු වෙලා ඉන්නවා 

එහෙම බලන එකත් සාධාරණයි 

මොකද එහෙම බලන එකෙන් දේශපාලඥයාගේ වැරදි උනත් හොඳට පේනවා. 

මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරල තියනවා ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය එතකොට පාර්ලිමේන්තුවට උඩින් තවත් ආයතනයක් ක්‍රියාත්මක වෙනවා 

සෙනට් මණ්ඩලය සඳහා තොරාපත්කර ගන්නේ උගත් බුද්ධිමතුන්ගෙන් යුත් පිරිසක්, පාර්ලිමේන්තුවට නොපෙනෙන දුරක් එම සෙනට් මණ්ඩලයට දකින්න පුළුවන් 

එහිදී ජනතාවට අවශ්‍ය නිවැරදි පිරිසිදු තීන්දු තීරණ ගන්නට හැකිවේවි කියා බලාපොරොත්තු විය හැකියි "