පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
ඒ, මැලේසියානු කාත්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 144කින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු පන්දු 69කදී ලකුණු 119ක් රැස්කළා.
ඇයගේ ඉණිමට හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.
පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයට හිමිකම් කීමට චමරි අතපත්තු අද සමත් වුණා.
අනුශිකා සංජීවනී රැස්කළ ලකුණු සංඛ්‍යාව 31ක්.
ජයග්‍රාහී ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 40ක් පමණයි.
කිසිදු ක්‍රීඩිකාවට ලකුණු 10යේ සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක්, කාව්‍යා කාවින්දි කඩුලු 02ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 02ක් බිඳ හෙලුවා.
නායක චමරි අතපත්තු තරගයේ වීරයා සම්මාන දිනාගත්තා.