ගුරු විදුහල්පතිවරුන් අද සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තමන් පූර්ණ සහය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ පාසල් වේලාව තුළදී සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට පමණක් නිරත වීමට ගුරු විදුහල්පතිවරුන් ගත් තීරණය කාලෝචිත බවයි.
එමෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු දෙකකට මෙම සතිය ඇතුළත විසදුම් ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී කියා සිටියා.
පළාත් සහ ජාතික පාසල් අතර ගුරුවරු මාරු කිරීමට අදාළව එකඟතාව දැනුම් දෙන ලෙසට සියලුම ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දුන් බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරු අද සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ අනුව පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා කාලය තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවල පමණක් නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ.