ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අතුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවේ අද රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.
සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අවශ්‍ය බවට ඔහුගේ නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සැකකරු විසින් දහවල් දිවා විවේකයෙන් අනතුරුව අදාළ රහස් ප්‍රකාශය ලබාදී තිබෙනවා.
අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සෙසු සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් අගෝස්තු 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.