සම්ප්‍රදායික ලෙස සිතා රට ගොඩනැගිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අනුව අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීම රටට අත්‍යවශ්‍ය බවයි මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
කෙසේවෙතත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක නව සැලැස්මක් සමඟ ඉදිරියට යා යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු එරට සිටින ශක්තිමත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසයි.