Wednesday, November 20, 2024

General line - 0115112241

ජනතාව කළ කැපකිරීම් ගැන ජනපති කතා කරයි




රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වසර දෙකක් පුරා ජනතාව ලබාදුන් සහය ද මනා රුකුලක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි  කුරුණෑගල  ප්‍රදේශයේ පැවති “අභිමන් 2024”  උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.


විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම, හැකියාව සහ ශිල්පය ඉහළ දැමීමෙන් රටට තවත් වාසි අත්කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.