ආනයනික බහලුම් පරීක්ෂා කර නිදහස් කිරීමට මේ වනවිට වැඩි කාලයක් ගතවන බව බහලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල පැවසුවේ අඩි 40ක බහලුමකින් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය කිරීමේ ප්රවනතාව ඉහළ ගොස් තිබීම ඊට හේතු වී ඇති බවයි.
එවන් පසුබිමක් තුළ ඉදිරියේදී ආනයනික භාණ්ඩවල මිල ගනන් ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.