මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය අදින් ආරම්භ වනවා.
ඒ අනුව අද සිටලබන 26 වනදා දක්වා සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංශෝධන සංග්‍රහය දෙවැනිවර කියවීම පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර හෙට දිනයේ පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කෙරෙනවා.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් ගෙනෙනු ලබන “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
ජූලි 25 වනදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සඳහා සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.