Wednesday, November 20, 2024

General line - 0115112241

හොරණ, කුඹුක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නිර්දෝෂි කරන්න හිස් කොළයකට අත්සන් අරන්




නෙත් නිවුස් අනාවරණය කළ හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා නිර්දෝෂි බවට ඒත්තු ගැන්වීමට එම විද්‍යාලයේ පිරිසක් උත්සාහයක නිරත වන බවට වාර්තා වුණා.

ඒ අනුව අදාළ පාසලේ විදුහල්පතිවරයා නිර්දෝෂි බවට දැනුම් දීම සඳහා මව්පියන් පිරිසකගෙන් අත්සන් ලබාගත් බවයි නෙත් නිවුස් ඇමතූ සිසුවෙකුගේ මවක් කියා සිටියේ.

හිස් කොළයකට එම අත්සන් ලබා ගත් බවද  ඇය කියා සිටියා 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් පාසල ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනත් පාසලකට ස්ථාන මාරු කිරීමට අදාළ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කළ බවට නෙත් නිවුස් මීට පෙර අනාවරණය කළා.

දෙමව්පියන් එහිදී චෝදනා කළේ විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හොරණ කලාප කාර්යලය දැනුවත් කළ ද ඊට විසදුම් ලබා නොදුන් බවයි.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගේ ද අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වුණා.

ඒ අනුව අදාළ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට නියෝග කර තිබුණා.

කෙසේවෙතත් චෝදනාවට ලක් වූ විදුහල්පතිවරයා හොරණ, කුඹුක - නැගෙනහිර පාසලේ තවදුරටත් සේවය කරමින් සිටින බවයි මව්පියන් චෝදනා කළේ. මේ ඔවුන්ගේ අන්‍යන්‍යතාව හෙළි නොවන අයුරින් හඬ වෙනස් කරන ලද හඬපටයක්.