එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය එරට උප ජනාධිපති කමලා හැරිස්ට හිමිවනු ඇති බව තහවුරු වී තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා උප ජනාධිපති කමලා හැරිස් යෝජනා කරන බවයි.
එම යෝජනාව ලබන අගෝස්තු මස 19 වනදා පැවැත්වීමට නියමිත ඩිමොක්රටික් පක්ෂ සම්මේලනයේදී අනුමත විය යුතු වනවා.
එහිදී ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසකම් ලබා සිටින පාක්ෂිකයින් ගණන 3,949ක්.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා එහිදී වැඩි ඡන්දයෙන් අනුමත විය යුතු වනවා.
එම පිරිස අතරින් 2,200කට ආසන්න ඉහළ පෙළේ ඩිමොක්රටික් පාක්ෂිකයින් පිරිසක් දැනටමත් කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමට සහය පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන බවට වෙනත් කිසිවෙකුත් මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ.
ඒ අනුව කමලා හැරිස්ගේ ජනාධිපති අපේක්ෂකත්වය දැනටමත් තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.