අමෙරිකානු රහස් සේවා අධ්යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, එරට ආරක්ෂක තත්ත්වයේ අසාර්ථක තැන් ඇති බවට එල්ල වූ චෝදනා හමුවේයි.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඝාතනය කිරීමේ ප්රයත්නය ඊට ආසන්නතම හේතුව වී තිබෙනවා.
අමෙරිකානු රහස් සේවා අධ්යක්ෂ කිම් චේට්ල් පවසා ඇත්තේ ආරක්ෂක දෝෂයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි.
ඇයට ධුරයෙන් ඉවත් වන ලෙස ඩිමොක්රටික් මෙන්ම රිපබ්ලිකන් යන දෙඅංශයෙන්ම දැඩි ඉල්ලීම් ඉදිරිපත් වුණේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉකුත් දා පැවති මතභේදාත්මක කොන්ග්රස් නඩු විභාගයකින් පසුවයි.
පැය හයක නියෝජිත මන්ත්රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටු විභාගය අතරතුරදී ප්රචාරක රැලියට පෙර ආරක්ෂක සූදානම පිළිබඳ නීති සම්පාදකයින් ඇයගෙන් ප්රශ්න කර තිබෙනවා.
එහෙත් ට්රම්ප්ගේ ප්රචාරක රැලියේදී එල්ල වූ වෙඩි ප්රහාරය පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු දීම ඇය ප්රතික්ෂේප කිරීමත් කිම් චේට්ල් වෙත එල්ල වූ පීඩනය වැඩි වීමට හේතු වුණා.
ඇය වෙඩි තැබීම හැඳින්වූයේ ”දශක ගණනාවක රහස් ඔත්තු සේවයේ සිදු වූ අසාර්ථකම මෙහෙයුම මෙය බවයි.
ඇයගේ ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ඔහු දක්වා ඇත්තේ ඇයගේ දශක ගණනාවක රාජ්ය සේවයට තමා ස්තූතිවන්ත වන බවයි.
අමෙරිකානු රහස් සේවාව සඳහා කඩිනමින් නව අධ්යක්ෂවරයකු පත් කරන බව ජෝ බයිඩන් පවසා තිබෙනවා.