ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල අයිතිය තමන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායම සතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඇතැම් පුද්ගලයින් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් අවභාවිතා කරමින් විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ එක්වීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ගත් තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.