පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම බස් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මහඔය දෙස සිට ධාවනය වූ පෞද්ලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
අනතුර සිදුව ඇත්තේ මහඔය - අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීයි.
අනතුර සම්බන්ධයෙන් එක් බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.