Tuesday, November 19, 2024

General line - 0115112241

මොරණාගල ත්‍රිත්ව ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණ වෙයි




මොණරාගල, ඉගිණියාල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම ඉඩම් ආරවුලක් මත සිදු කරන ලද වෙඩි තැබීමක් බව පොලිසිය පවසනවා.

අදාළ වෙඩි තැබීමෙන් ඉගිණියාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක කාන්තාවක් සහ අවුරුදු 17 ගැහැණු ළමයෙකු මිය ගියා.

අද අලුයම එම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාද සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන පොලිස් පරීශ්‍රය තුළ සියදිවි හානි කරගෙන තිබෙනවා.

සියදිවි හානි කරගත් පොලිස් කොස්තාපල්වරයා කරාඬුගල පොලිස් ස්ථානයේ උපසේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ ඉගිණියාල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අද අලුයම ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සැක පල කරන්නේ මෙම ත්‍රිත්ව ඝාතය සිදු කරන්නට ඇත්තේ සියදිවි හානි කරගත් පොලිස් කොස්තාපල්වරයා විසින් බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර.