අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
උන්වහන්සේගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අද උදෑසන සිට දේශපාලඥයන් සහ ගිහි පැවිදි විශාල පිරිසක් එම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාර සම්බන්ධයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් මෙලෙස අදහස් පල කළා.
කලක් රෝගාතුරව සිටි ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් 02 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වුණා.
ඒ වනවිට උන්වහන්සේ 81ක් වන වියේ පසු වුණා.