ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක් වූ සිය සාමාජිකයින්ට යළි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය කිසිදු පුද්ගලයෙකු සමග අමනාපයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී පැවසුවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව ලංකා ජාතික ව්‍යාපාරය අද නිවේදනය කළා.
එහි නායක නීතිඥ චින්තක වීරකෝන් පැවසුවේ රට ගොඩගත් නායකයාට කෘතගුණ පුද කිරීමට මෙවර ජනාධිපතිවරණය අවස්ථාවක් කරගත යුතු බවයි.