ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අත ලකුණින් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අද අත්සන් තැබුවා.
ඒ, දයාසිරි ජයසේකර සහ විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද මෙහිදී අදහස් පළ කළා.
කෙසේවෙතත් මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් හා තනතුරු භාවිත කර ඇත්තේ අනීතික ලෙස බවට අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් වශයෙන් අද නිවේදනයක් නිකුත් කළා.