බංග්ලාදේශ අරගලය මැද රටෙන් පලා ගිය හිටපු අගමැතිනි ෂීක් හසීනා නායකත්වය දෙන අවාමිලීගයේ නායකයින් සහ පවුලේ සාමාජිකයින් 29 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව බංග්ලාදේශයේ ස්ථාන කිහිපයකින් මළසිරුරු හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් 24 දෙනෙකු මිය ගොස් ඇත්තේ අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම හේතුවෙන්.
එහි නවාතැන් ගෙන සිටි මෙම පිරිස පණ පිටින්ම පිළිස්සී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගිනි තැබීම සිදුව ඇත්තේ අගමැතිනි ෂීක් හසීනා ධුරයෙන් ඉවත් වීමෙන් පසුවයි.
අරගලකරුවන්ගේ ඉල්ලීමකට අනුව බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර, හමුදා පාලනයෙන් තොර අන්තර්වාර රජයක් පත්කිරීමට කටයුතු කර තිබෙනවා.
ශිෂ්‍ය නායකයින් ඇතුළු අරගලකරුවන්ගේ තවත් ඉල්ලීමක් ඉටු කරමින් නොබෙල් සාම ත්‍යාගලාභී 84 හැවිරිදි මොහමඩ් යුනුස් එරට අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස ද පත් කෙරුණා.