Monday, November 18, 2024

General line - 0115112241

විජයදාසගේ අධිකරණ ඇමති ධූරය ජනපති පවරා ගනී




අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම අමාත්‍ය ධූරය මීට පෙර දරනු ලැබුවේ විජයදාස රාජපක්ෂ විසින්. 

එහෙත් ඔහු එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ, ඉකුත් ජූලි මස 27 වනදායි.

එතැන් සිට මේ දක්වා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය හිස්ව පැවතුණා.

ඉන් අනතුරුවයි ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපතිවරයා භාරයට පත් කර ඇත්තේ.