හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළද යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක්වූ පිරිස පවසනවා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක සහ රෝහිත අබේගුණවර්ධන.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සැබෑ ලෙසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහය දක්වනවාදැයි සැකයක් පවතින බවයි.
කෙසේවෙතත් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රබලම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක පවසනවා.
ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගිය සියලු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමග එක්වනු ඇති බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක ද එක්ව සිටියා.
තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා.