Wednesday, January 15, 2025

General line - 0115112241

චීනයේ පසල්වල ආහාර ප්‍රශ්නයක්




චීනයේ ආහාර සුරක්ෂිතතාව සහ අධ්‍යාපන ප්‍රමිතීන් යන දෙකෙහිම භයානක පිරිහීම පිළිබඳ අවධානය යොමු කරමින්, 2024 ඔක්තෝම්බර් මස මුලදී, දකුණු චීනයේ කුන්මිං නගරයේ පෞද්ගලික පාසලක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු විය. 

යුනාන් පළාතේ Changfeng මධ්‍ය විද්‍යාලයේ, වාරය ආරම්භ වී ටික කලකට පසු සිසුන් බඩේ කැක්කුම සහ ආහාර දිරවීමේ ගැටළු වලින් පීඩා විඳින බව වාර්තා වේ.

සෘතුමය ගැටළුවක් ලෙස එම තත්ත්වය මුලින් බැහැර කළ අතර නමුත් පසුව අනාවරණ වී ඇත්තේ පාසලේ ආපනශාලාවේ අලෙවි කරන ආහාරවල යම්කිසි බරපතල දෝෂයක් ඇති බවයි.

කනස්සල්ලට පත් දෙමාපියන් WeChat සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙ ඔවුන්ගේ සැකයන් බෙදාගත් අතර, එක් අයෙකු පාසලේ මුළුතැන්ගෙය පරීක්ෂා කිරීම භාර ගත්තේය.

එහිදී ඔවුන් සොයා ගෙන ඇත්තේ දැඩි ලෙස නරක් වී, දුගඳ හමන ඌරු මස් සිසුන්ට පිරිනැමීමට සූදානම්ව තිබූ බවයි.

නරක් වූ මස්වල පින්තූර එම මව්පියන් සමාජ මාධ්‍ය තුළ බෙදා හැරීමත් සමග එය පාසලේ අනෙකුත් මව්පියන්ගේ දැඩි කෝපයට හා පාසලට එරෙහි විරෝධතා සඳහා හේතුවී තිබෙනවා.

පාසලේ පාලනාධිකාරිය පළමුව පැමිණිලි ප්‍රතික්ෂේප කළ නමුත්, දෙමාපියන් විසින් විමර්ශනය කිරීමට ආපන ශාලාවට ඇතුළු වූ විට, ඔවුන් දශකයක් පැරණි “සොම්බි මස්” යැයි විශ්වාස කළ "2015" ලෙස සලකුණු කරන ලද බ්‍රසීලයෙන් ශීත කළ මස් පැකට්ටුවක් සොයා ගත්හ. 

පසුව අනාවරණය වී ඇත්තේ එම ලේබලයේ සඳහන් කර ඇත්තේ සමාගමේ අපනයන ලියාපදිංචි සහතිකය මිස මස් නිෂ්පාදනය හෝ කල් ඉකුත් වීමේ දිනය නොවන බවයි.