Monday, November 18, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අය අතරින් ඉන්නේ කණ්ඩායම් දෙකයි - ආශුබෝධ




පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ අද (2024/08/08)සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්,

''ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අය අතරින් ඉන්නේ කණ්ඩායම් දෙකයි. ඒ එක කණ්ඩායමක් නියෝජනය කරන්නේ එක් පුද්ගලයෙක් වන වර්තමාන ජනාධිපතිතුමා පමණයි. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය වෙනුවෙනුයි. අනෙක් අපේක්ෂකයන් ඉදිරිපත් වෙන්නේ තමන්ගේ දේශපාලනය ගැන සහ තමන් ගැන හිතලා පමණයි. එතුමා කියන්නේ තමන් ගැන හිතන අපේක්ෂකයින්ටත් නැවත සිතා බලලා මේ රට හදන වැඩේට එකතු වෙන්න කියලයි . ඒ නිසා ජනතාව මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ රට ගැන හිතන අයටයි. 

බංගලාදේශය දෙස බැලුවොත් මන්ත්‍රීවරු විසිදෙනෙක් පවුල් පිටින් ඝාතනය කරලා තිබෙනවා. ලාල්කාන්ත ඒක දැකලා කියනවා අපි උත්සාහ කළේත් ඒ තත්ත්වය ඇති කරන්නේ කියලා. පාර්ලිමේන්තුව වට කරලා රට අකර්මණ්‍ය කරන්න  අවශ්‍යයි කියපු කතාව දැන් ආයෙත් කියනවා. විපක්ෂය මේ වෙලාවේ කුපිත වෙලා ඉන්නේ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙල නිසයි.  2002 රට වැටුණු වෙලාව එතුමා බාර අරගෙන රට හැදුවා. 2022 බාර අරගෙන මේ වසර දෙක තුළත් එතුමා රට හැදුවා . මේ ආකාරයට දිගටම ගියොත් 2027 -28 වෙනකොට යථා තත්ත්වයටම පත්වෙනවා.

දෙවැනි කාරණය තමයි අරගලය හරහා ඔවුන් රට විනාශ කරලා පාර්ලිමේන්තුව ගිනි තියල අරාජිකතාවයකට රැගෙන ගිහිල්ලා  සියලු දේවල් ටික විපක්ෂයේ මේ මෙවැනි කල්ලි කණ්ඩායම ඒක නැවතුන නිසා ඒ සම්බන්ධයෙනුත් දැඩි වෛරයකින්. ඉතින් ඔය දෙක තමයි විපක්ෂයට තියෙන ප්‍රශ්නය. මේ ආර්ථික වැඩපිළිවෙලයි,  රට අරාජික වෙන්න ගියපු එක විසඳපු එක යි. හදාගත්ත සංවර්ධනය මාවතෙන් ඉදිරියට ගිහිල්ලා මේ රට අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් ප්‍රකෘතිමත් කරලා අනාගත සංවර්ධනය මාවතෙන් ඉදිරියට යනවද කියලා මාර්ග දෙක විතරයි අද ජනතාවට අපි හැටියට ගන්න තියෙන්නේ මේ නිසා හරි ල ියන්න හරි ඉරක් කැන්දහම ඉරෙන් දෙපැත්තේ ඉන්නේ එක පැත්තක ඉන්නේ අපේ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ,එතුමා ඉන්නේ රට හදන මාවතේ එතුමා වෙනුවෙන් නෙමෙයි ඉදිරිපත් වෙන්නේ එතුමා ඉදිරිපත් වෙලා ඉන්නේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. අනිත් පැත්තේ ඉන්න අය ඉන්නේ තමන් වෙනුවෙන්. තමන්ගේ කල්ලි කණ්ඩායම් වල තමන්ගේ දේශපාලනය කරන කණ්ඩායමෙන්. ඒ නිසා තමයි පැහැදිලිවම ඒ බල ලෝභීත්වය සහ විරෝධය ඒගොල්ලෝ ආත්සාහ කරන්නේ මැඩ පවත්වන්නට හදන්නේ.ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ මම ස්වාධීන අපේක්ෂකයෙක්. එනිසා මහත්තයාගේ එකතු වෙන්න හැමෝම අපි එකතුවෙලා මේ රට හදමු. අපි කියන්නේ එකතු වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ජනාධිපතිතුමත් එක්ක තමන්ගේ මතවාදය තියාගෙනම ඕන කෙනෙකුට එකඟ වෙන්නට හැකියාව තිබෙනවා. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලනය කරන අයගේ බොරු වලට රැවටුණහම පාට කණ්ණාඩිය දාගෙන ඉන්නකොට සත්‍යය පෙනෙන්නේ නැහැ.

මේ රට වෙනම විදේශීය බලපෑමටත් යටත් වෙලා, විදේශ කඳවුරක වුණත් නැත්නම් විදේශ කණ්ඩායමකට යටත් වෙලා, ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැතිව සමථයකට පත් කලාම, ඔන්න අද මුළු ලෝකේම රටවල්වල අවධානයට ලක්වෙලා තියෙනවා. කොහොමද අපේ රට මෙච්චර අඩු කාලයකින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වුණේ කියලා. ඉතින් ඒ ගැනම ආඩම්බර වෙන්න එපැයි.  හරි පැහැදිලියි මේ මාර්ගය හැර වෙනත් මගක් නැහැ කියලා. අනුර කුමාර ට  ඉබේටම මේ වැල් පාලමේ තමයි යන්න වෙන්නේ කියලා කියවෙන්නේ ඒ නිසයි. ඒ නිසා නැවත ත් අත්හදා බැලීම් කරන්නට ගියොත් බංගලාදේශයටත් වඩා එහා තැනකට අපි යනවා. 
 ලාල් කාන්ත සිදුකරන ප්‍රකාශ ඉතාම බරපතලයි.විශේෂයෙන්ම ත්‍රස්තවාදී ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙක් වගේ තමා ඔහුගේ ප්‍රකාශ පේන්නට තිබෙන්නේ. 

ඇත්තටම  රනිල් වික්‍රමසිංහ නායකතුමත් එක්ක මම වැඩ කරන එක ගැන මට ආඩම්බර යි.  එතුමා දිනපතා කතා කරන දේවල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .මම විශ්ව විද්‍යාල හතරක විතර ඉගෙනගෙන තියෙනවා. එතකොට රටවලල්. තුළ රටවල් 25 ක් වැඩ කරලා තියෙනවා. මගේ ජීවිතයේ කිසිම තැනක ඉගෙන ගත්ත නැති දේවල් මම එතුමාගෙන් දිනපතා ඉගෙන ගන්නවා.  උදාහරණයකට ඊයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදී එතුමා පිළිතුරු දුන්න විදිහෙන් අපි තාම ඉගෙන ගන්නවා. අපි විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තට එවැනි පරීචයක් ඇති කෙනෙක්  මගේ ජීවිතයට මං දැකල නෑ.  එතුමා තරම් දාර්ශනිකයෙක් එතුමා තරම් ප්‍රශ්න ගැන කතා කරන්න හැකියාව තියෙන පුද්ගලයෙක්. ඕනෑම මාතෘකාවක් ගැන කතා කරන්න, ඕනෑම මාතෘකාවකට විසඳුම් කතා කරන්න පුළුවන්, අත්දැකීම් තියෙන දේශපාලඥයෙක් මේ ලෝකෙත් නෑ . මේ අපේ රටේ වාසනාව, අපේ රටේ වාසනාව තමයි මේ රට රැකුනේ කියලා. ඒ වාසනාව ඇතිවෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා. අපි විශාල වශයෙන් ගෞරව කරන්න ඕනා ,එතුමා මේ යන මාර්ගය නිසා. මොකද  මේ ගමන හරි පැහැදිලියි. මේ ගමන ඉදිරි ක්‍රියාමාර්ගවලට යන විට රට නිවැරදි දිශානතියකට යනවා . 

ගොන් කතා ඕන් තරම් කියන්න පුළුවන්. මුදිබර් රහුමාන මන්ත්‍රීතුමාටත් ඕන ගොන් කතාවක් කියන්න පුළුවන්.    මගේ පෞද්ගලිකව ගමුකෝ ,මම වියදම් කරන්නේ මගේ කැමැත්තෙන් .මම හම්බ කරන සල්ලි .
 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ වියදම් සහ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේ වියදම් දෙකම සංසන්දනය කරන්න කියන්න,
  හොයලා බලන්න කියන්න,එතකොට කොච්චර ආණ්ඩුවේ සල්ලි අරන් තියෙනවා ද?පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ වියදම් වලට ආණ්ඩුවෙන් අරන් තියෙන්නෙ අපි පත්තර බිල් විතරයි.    රුපියල් 100ක්, , එකසිය පනහක් ඒ වගේ දවසකට හතරක් ගන්නවා.  ඉතින් ඒකෙන් නම් 10000කටත් අඩුවෙන් වෙන්න ඇති මාසෙකට වියදම යන්නේ .ඒ ඇරෙන්න අනිත් සියලුම වියදම්, කරන ඉකෆා ඒණව ඒ අපේ පෞද්ගලික වියදම් ඔය අපේ අපි ලබාගන්න ආදායම් වලින් අපි වියදම් කරනවා.  මට ඒක වියදම් කරන්නේ මම එතුමාට තියෙන භක්තිය නිසයි.  අපි අපේ ආදායම් අපි හරියට පෙන්නනවා. ඒවා ගැන හොයන්න පුළුවන් එතුමාට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය සක්වලට කවුද උදව් කරන්නේ, බස් දෙන්න කවුද කියන්නේ? අර පරිගණක දෙන්න කවුද කරන්නේ කියලා ප්‍රසිද්ධියට පත් කරන එකත් කියන්න අවශ්‍යයි. ඔය කේන්ති ගිහිල්ලා කතා කරන්නේ. ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි  කියන්න කලින් හිතන්න ඕනි . මොනතරම් ගොන් කතාවක්ද කියන්නේ කියලා තමන්ම හිතන්න වෙනවා.''