Wednesday, January 15, 2025

General line - 0115112241

භාණ්ඩ මිල පහත දමන්න නව වෙළඳ ඇමතිගේ අවධානය




ජනතාව අපේක්ෂා කළ සියලු වගකීම් ඉටුකරන බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා .


මේ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි මහත්මිය.


තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ.

 


බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. නව රජයේ අමාත්‍ය ධූර සංඛ්‍යාව     22 දෙනෙකුට සීමා වුණා.

මේ අතර ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු විජිත හේරත් මහතා අද රාජකාරි ආරම්භ කළා.

ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. ඔහු මීට පෙර ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 

2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය විජිත හේරත් මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගනිමින්.