2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බවයි.
අනුර සිඩ්නි ජයරත්න සහ ඩී එම් බණ්ඩාරනායක යන ස්වාධීන අපේක්ෂකයින් වෙනුවෙන් අද දිනයේදී එලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 12 දෙනෙකු වශයෙන් අපේක්ෂකයින් 24 දෙනෙකු මේ වන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.