Monday, November 18, 2024

General line - 0115112241

උතුරේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

දිනසේන රතුගමගෙ




මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් බී අරියනේත්‍රන් තෝරා පත් කර ගෙන තිබෙනවා.

සන්ධානගතව සිටින උතුරේ දේශපාලන පක්ෂ 07ක නියෝජිතයින් අතර යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණය ගෙන ඇත්තේ.

දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීම සඳහා පුද්ගලින් තුන් දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් අතරින් බී අරියනේත්‍රන්  දෙමළ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඉලංකෛ තමිල් අරසු පක්ෂය සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ එම සන්ධානගත පක්ෂ 07ට ඇතුළත් වන්නේ නැහැ.

උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ගේ දැඩි උවමනාව මත එම පක්ෂ 07 සන්ධානය පිහිටුවාගෙන තිබෙනවා.

දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිශ්ඵල කාර්යයක් ලෙස දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් පෙන්වා දුන්නද සී වී විග්නේෂ්වරන් පවසා ඇත්තේ  ජයග්‍රහණය කිරීමට නොහැකි වුවද දෙමළ ජනතාවගේ බලය පෙන්වීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවයි.