Monday, November 18, 2024

General line - 0115112241

පවිත්‍රාත් රනිල්ගේ සහයට එයි




එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසා ඇත්තේ සිය පාක්ෂිකයින්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශව සමග සිදු කළ දීර්ඝ දේශපාලන කතිකාවතකින් අනතුරුව එම තීරණයට එළඹි බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර පාක්ෂිකයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ලෙස තමන්ට දන්වා සිටි බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවදුරටත් රැඳෙමින් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.