Monday, November 18, 2024

General line - 0115112241

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සංශෝධන සහිතව සම්මත වෙයි




වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

වෛද්‍ය ආඥා පනතේ වගන්ති සංශෝධනය කිරීම අරමුණු කරගත් මෙම වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉකුත් ජූලි මස 02වනදායි.

එම විවාදයට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 52ක හිඟයක් පවතින බවයි.

පසුගිය වසරේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 250ක පමණ හිඟයක් පැවති බවත් ඖෂධ හිඟය ක්‍රමයෙන් අවම වෙමින් ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.