Monday, November 18, 2024

General line - 0115112241

දයාසිරි අත අරන් සජිත් ළඟට ගියත් නිමල් සිරිපාල පිල පසුබසී




පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස සමගි ජන බලවේගය සමග සන්ධානගත වුවද ඔවුන්ට එවැනි අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

එම පක්ෂ දෙකම මේ වන විට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතුව පවතින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් සහ රටේ සිටින ජනතාව නොමග යවා ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු එම පිරිසට එරෙහිව මේ මොහොතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් කියා සිටියේ.