Monday, November 18, 2024

General line - 0115112241

රජයේ දේපළ යළි භාර නොදුන් හිටපු උසස් නිලධාරීන්ට රතු එළියක්




රජයේ තනතුරු හෝ පදවි දරමින් සිටියදී භාවිත කළ නිශ්චල හා චංචල දේපළ එම නිලතලවලින් ඉවත් වූ පසුවද ඇතැම් හිටපු නිලධාරීන් තවදුරටත් පරිහරණය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු එලෙස තවදුරටත් අදාළ රජයේ දේපළ භාර නොදීම  දඬුවම් ලැබිය හැකි වරදක් බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

එවැනි පුද්ගලයින් සන්තකව ඇති රජයේ දේපළ කඩිනමින් ආපසු භාර ගන්නා ලෙසට අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් කේ ඩී විජේරත්න ලිඛිතව දැනුම් දී තිබෙනවා.