Monday, November 18, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට තවත් පැමිණිලි 20ක්




ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 20 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 11 ක් එලෙස ලැබී තිබෙනවා.

නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව සෙසු පැමිණිලි 9 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

ජනාධිපතිවරණයට අදාළව පසුගිය ජූලි 31 වනදා සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 157 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.